Full width home advertisement

රාජධානි

රාජවංශ

Post Page Advertisement [Top]


මහාවංශයට අනුව පලමු රාජධානිය ස්ථාපිත කරන ලද්දේ ක්‍රි.පූ. 435දී විජය කුමරුන් විසින් තම්බපණ්ණි රාජධානිය පිහිටුවීමත් සමගයි. එය ක්‍රි.ව. 1815 මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ අවසන් විය. මෙහි දැක්වෙන්නේ සිංහල රාජධානියේ අනුප්‍රාප්තික රාජධානිවල රාජ්‍ය කළ රජවරුන්ගේ ලැයිස්තුවකි. මෙම ලැයිස්තුව දීපවංසය, මහාවංසය, චූලවංසය සහ රාජාවලිය වැනි දිවයිනේ වංශකථාවල සඳහන් සම්ප්‍රදායික සිංහලේ රාජාවලිය පාදක කොටගෙන නිර්මාණය කොට ඇත. මෙය සිංහල ජාතික රජවරුන් ලැයිස්තුවක් නොවේ. සිංහල රාජාණ්ඩුව පාලනය කළ සියලු සිංහල සහ විදෙස් පාලකයින් කාලානුක්‍රමය අනුව මෙහි පෙළගස්වා ඇත.

මෙම රාජාවලිය පරිහරණයේ දී මනසේ රඳවාගත යුතු කරුණු කිහිපයකි. පළමුව, මෙහි ආදිතම රජවරුන් සඳහා දක්වා ඇති දිනයන් නිසැකවම තහවුරු කිරීමට අපහසු ය. හඳුනා ගැනීමට අපහසු දින (?) සංකේතයක් මගින් දක්වා තිබේ. එසේම වසර 2500ක පමණ ඉතිහාසය තුළ ශ්‍රී ලංකා දිවයින නොයෙකුත් විදේශ බලයන්ගේ ග්‍රහණයට නතු විය. ප්‍රධාන වශයෙන්ම දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයින් මේ අතර ප්‍රධාන වේ. ඇතැම්හු සිහසුන පැහැරගෙන දිවයින සිය අධිරාජ්‍යයේ කොටසක් බවට පත් කරගත්හ. මේ සඳහා වඩාත්ම ප්‍රධාන නිදසුන් ලෙස ක්‍රි.ව. 985දී චෝළයන් සහ 1815දී බ්‍රිතාන්‍යයන් දැක්විය හැක. කෙසේනමුත්, පෘතුගීසි සහ ලන්දේසි යුගවල දී මහනුවර සිහසුන පැහැරගැනීම නොහැකි වූ අතර, දිවයිනේ ඇතැම් ප්‍රදේශ යටත් කරගැනීම පමණක් සිදු විය.

කාලානුක්‍රමය පිළිබඳ සටහන

බෞද්ධ යුගයේ පාදක දිනය වන ක්‍රි.පූ. 543 සම්බන්ධයෙන් නොයෙකුත් මතභේද පවතියි. ක්‍රි.පූ. 483 බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවූ දිනය යැයි සැලකේ. විල්හෙල්ම් ගයිගර් සඳහන් කරන පරිදි දීපවංසය හා මහාවංසය දකුණු ආසියානු කාලානුක්‍රමයේ ප්‍රධාන මූලාශ්‍ර වේ; එහි දිනායනය කොට ඇත්තේ අශෝක අධිරාජයා‍‍ගේ රාජාභිෂේකය පරිනිර්වාණයෙන් වර්ෂ 218කට පසුව සිදුවූ බව ය. චන්ද්‍රගුප්ත මෞර්ය සිහසුනට පත්වූයේ මෙයට වර්ෂ 56කට පෙර, එනම් බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 162කට පසුව ය. චන්ද්‍රගුප්ත‍ගේ සිහසුනට පත්වීම ආසන්න වශයෙන් ක්‍රි.පූ. 321 අවට වර්ෂ දෙකක කාලය තුළ සිදුවන්නට ඇත. (මෙගස්තීනිස් අනුව). එමනිසා පරිනිර්වාණය සඳහා ලැබෙන ආසන්නතම දිනය වන්නේ ක්‍රි.පූ. 485 සහ ක්‍රි.පූ. 481 අතර දිනයකි. මෙය ක්‍රි.පූ. 483 ලෙස ගැනෙන මහායාන කාලානුක්‍රමය සමග හොඳින් ගැළපේ.
ගයිගර් අනුව, මෙම ගණන් බැලීමේ දෙකෙහි වෙනස හටගෙන ඇත්තේ IIIවන උදය (946–954 හෝ 1007–1015) සහ පරාක්‍රම පාණ්ඩ්‍ය (1046–1048 පමණ) රාජ්‍ය සමයයන් අතර කාලයේ ය. මෙකල දිවයිනෙහි සැලකිය යුතු කලබලකාරී වාතාවරණයක් පැවතිණි. කෙසේනමුත්, ක්‍රි.ව. 428දී චා-චා මො-හෝ-නාන් විසින් චීනය වෙත යැවුණු තානාපති මණ්ඩලයක් පිළිබඳ සඳහන් වේ. මෙම නම ඇතැම්විට මෙම කාලයේ රාජ්‍ය කළ (සම්ප්‍රදායික කාලානුක්‍රමය අනුව) 'රාජා (රජ) මහානාම' යන්නෙහි විකරණයක් විය හැක.
එපමණක් නොව, ක්‍රි.ව. 642දී පමණ ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමට උත්සාහ දැරූ දේශාටක භික්ෂුවක වූ ෂුවාන්සෑංහට ශ්‍රී ලාංකික භික්ෂූන් (ඇතැම්විට කාංචිපුරම්හි විසූ) විසින් රාජධානියේ එකල ගැටලු පැවති බව පවසා තිබිණි. ඒ නිසා ඔහු එම ගමනින් වැළකී ඇත; මෙය සිහසුන වෙනුවෙන් අග්ගබෝධි III සිරිසඟබෝ, IIIවන ජෙට්ඨතිස්ස සහ දාඨෝපතිස්ස I හත්ථදාඨ අතර 632–643 කාලයේ පැවති අරගලකාරී කාලසීමාවට අනුරූප වේ.

මෑතකාලීන ඉන්දුවේදීය පර්යේෂණ අනුව පෙණීගොස් ඇත්තේ බුද්ධ පරිනිර්වාණය මින් පෙර යෝජනා කෙරුණු දිනයට වඩා තරමක් පසු කාලයක සිදුවන්නට ඇති බවයි. 1988දී මෙම ගැටලුව සම්බන්ධයෙන් ගෝටින්ජන්හි පැවති සමුළුවක දී විද්වතුන් බහුතරයක් දැරූ මතය වූයේ මෙම ගැටලුව පවතින්නේ ක්‍රි.පූ. 440–360 අතර කාලසීමාව හා සම්බන්ධව බවයි. කෙසේනමුත්, ඔුවන්ගේ ගණනයන් පාදක වී තිබුණේ දීපවංසයගමහාවංසය මත නොව ටිබෙට් බුදු දහමේ කාලානුක්‍රමය මත ය. ඉන්දියානු පාලක සුසුනාගගේ පුත් කාලාශෝක සමග බින්දුසාරගේ පුත් අශෝක අධිරාජයා හඳුනාගැනීමට වැඩිදියුණු කළ කාලානුක්‍රමයක් අවශය වේ. සැලකිය යුතු කරුණක් වන්නේ ශ්‍රී ලාංකික වංශකථා පාදක වී ඇත්තේ වඩාත් පැරණි කෘති මත වන අතර, ථෙරවාද බෞද්ධ ත්‍රිපිටකය පළමුවරට ග්‍රන්ථාරූඪ කෙරුණේ ද ශ්‍රී ලංකාවේ වීමයි. පහත ලැයිස්තුව කෙරෙහි පාදක කොටගෙන ඇති කාලානුක්‍රමය සම්ප්‍රදායික ථෙරවාද/ ශ්‍රී ලාංකීය ක්‍රමය මත ගොඩනගා ඇති අතර, එයට පාදක වී ඇති ක්‍රි.පූ. 543 දිනය මහායාන දින දර්ශනයට වඩා වර්ෂ 60ක් මුල් දිනයකි. කෙසේනමුත්, ක්‍රි.ව. 1048න් පමණ පසු දැක්වෙන දිනයන් එකිනෙකට සමකාලීන බැව් පෙනේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]

| Designed by Colorlib