වල්ලභයා | විජය රජ |
---|---|
දරුවන් | ජීවහත්ත/වීරබාහු සහ දිසාලා |
වංශය | යක්ෂ |
පියා | බම්බා රජ |
කුවේණි ශ්‍රී ලංකාවේ විසූ යක්ක ගෝත්‍රික කුමරියක් වශයෙන් ඉතිහාස වංස කතා වල සඳහන් වේ. ඇය පිළිබඳව මුළිතව විස්තර ලබාගත හැකි මූලාශ්‍රය වන්නේ මහාවංසය යි. මීට අමතරව ඇය පිළිබඳ තවත් තොරතුරු වැදි ජන පුරාවෘත්ත වල ද සඳහන් වේ. කුවේණි යනු ලිඛිත ශ්‍රී ලාංකික ඉතිහාසයේ ප්‍රථම රජු වූ විජය ගේ බිසවයි. ඇයට ජීවහත්ත නම් පුතකු සහ සිසාලා නම් දියණියක වූවාය. මහවංසයට අනුව වැද්දන් පැවත එන්නේ කුවේණියගේ මේ දරුවන් දෙදෙනාගෙනි. කුවේණි පැවත එන්නේ රාමායනයේ සඳහන් රාක්ෂස ගෝත්‍රික රාවණා රජු ගෙන් බව ජනශුති වල දක්වා තිබේ. තවද ඇය සමන් දෙවියන්ගේ සොහොයුරිය වන බව වැදි ජනප්‍රවාදයන් ගේ සඳහන් වන බව දයානන්ද බිනරගම මහතා පවසයි.
වෙනත් නම්
වැදි ජනයා මහ ලොකු කිරිඅම්මලඇත්තෝ ලෙස හඳුන්වන්නේ කුවේණියයි. නොයෙක් අභිචාර වතාවත් වලදි ඉඳිගොල්ලේ කිරිඅම්මා, උනපනේ කිරිඅම්මා, කන්දේ කිරිඅම්මා, දිවස් කිරිඅම්මා, වෙල්ලස්සේ කිරිඅම්මා, කුකුළපොල කිරිඅම්මා සහ බිලි කිරිඅම්මා යන විවිධ නම් වලින් වැද්දන් විසින් කුවේණිය හඳුන්වනු ලැබේ.සෙසාපති නමින්ද හැඳින්වේ.
ඉතිහාසය
මහ වංසයේ සඳහන් පරිදි, (ක්‍රි.පු. 5 වන සියවසේ දී) බුදු හිමියන් පිරිණිවන් පැ දිනයේ තම්බපන්ණි වෙරළට ගොඩබට විජය කුමරු සහ ඹහුගේ 700 ක් පිරිස බල්ලෙකු දිටීය. ඌ පසුපස ගිය විජයගේ සගයෙකුට ගසක් යට කපු කටිමින් සිටි යක්ෂ ගෝත්‍රික කුවේණි කුමරිය හමුවිය. කුවේණිය තම මායා බලයෙන් මොහුව සඟවා ගත්තාය. මෙසේ වරින් වර කුවේණිය වෙත පැමිණි විජයගේ සියළු සගයින් කුවේනිය විසින් සඟවා ගන්නා ලදී. අවසානයේ ඇය වෙත පැමිණි විජය කුමරු ඇයව බිය වද්දා තම සගයින් නිදහස් කර ගත්තේය.පසුව විජය කුමරු කුවේණියගේ සහයෙන් යක්‍ෂ රජ පවුල ඝාතනය කර හැර ලංකාවේ රජු බවට පත්වී කුවේනිය තම බිසව බවට පත්කර ගත්තේය. කුවේණි බිසව විජය රජුට දාව දරුවන් දෙදෙනෙකු වැදුවාය. කුවේණියගේ යක්ෂ සම්භවය නිසා දරුවන් දෙදෙනා රඳවා තබා ඇයට මාළිගාවෙන් පිටව යන්නැයි විජය රජු කළ ඉල්ලීම නිසා කලකිරුණු කුවේණිය තම දරුවන් දෙදෙනා ද සමග මාලිගාවෙන් පිටව ගියාය. අනතුරුව දරුවන් දෙදෙනා අතරමග තබා උදවු ලබා ගැනීමට තම නෑයන් වෙත පැමිණි කුවේණියව තම යක්ෂ ගෝත්‍රික නෑයන් පාවා දුන් හේතුවෙන් මරා දැමීය. තම මව නැවත නොපැමිණි නිසා කුවේනියගේ දරුවන් දෙදෙනා වනාන්තරය ඹස්සේ ගොස් සබරගමුවට පැමිණියහ.
කුවේණි මාලිගය
කුවේණියගේ මාලිගය යැයි සැලකෙන ඉඳිකිරීමක නටබුන් විල්පත්තු ජාතික උද්‍යානයේ දැකගත හැකයක්දෙස්සාගල කඳු වැටිය වැල්ලෑගල මුදුනට පෙනෙන අයුරු. |
No comments:
Post a Comment