Full width home advertisement

රාජධානි

රාජවංශ

Post Page Advertisement [Top]

පණ්ඩුකාභය ( ක්‍රි:පූ 437 - 367 ) යනු, මහාවංශයට අනුව ආර්යයන් පැමිණීමෙන් පසු ලංකාවෙහි 6 වන රජුය. ඉතිහාසඥයන්ට හා දාර්ශනිකයන්ට අනුව ඔහු ආර්යයන් හා ස්වදෙශිකයින් අතර මතභෙද නැති කර, රට එක් සෙසත් කළ මුල්ම නියම ශ්‍රී ලාංකික රජ තුමාය. අනුරාධපුරය අගනුවරක් ලෙසින් දියුණු කලේ පණ්ඩුකාභය රජුය.

පණ්ඩුකාභය රජ
රජරට රජ
රාජ්‍ය සමය ක්‍රි:පූ 437 - ක්‍රි:පූ 367
පූර්වප්‍රාප්තිකයා තිස්ස කුමරු
අනුප්‍රාප්තිකයා මුඨසීව රජ
දරුවන් මුඨසීව
වංශය පණ්ඩුකාභය
පියා දීගගාමිණී කුමරු
මව චිත්‍රා කුමරිය

ආරම්භය

එතුමාගේ සම්භවය පිලිබදව මතවාද තුනක් පවතී .
  • මහාවංශයට අනුව එතුමාගේ මව්පියන් දෙදෙනාම ආර්යයන් වන අතර මව උන්මාද චිත්‍රා කුමරිය සහ පියා දීඝගාමිණී කුමරු වේ.
  • කුමාරතුංග මුනිදාස ශුරින්ගේ මතයට අනුව එතුමාගේ පියා චිත්‍රරාජ වේ.
  • ආර්යයන් සමග කිසිම සම්බන්දයක් එතුමාට නොමති අතර ස්වදේශික වීරවරයෙකි.

මහාවංශ කථාව

භද්දකච්චායනා බිසවට හා පඩුවස්දෙව් රජුට දාව පුතුන් දසදෙනෙකු සහ දියණියක මෙළොවට බිහිවිය. වැඩිමහල් පුතු අභය වූ අතර බාලම දියණිය චිත්‍රා විය. අනාගතයෙ රාජ්‍යය නිසා චිත්‍රා කුමරියගේ පුත්‍රයා මාමාවරු මරාදමන බවට ශාස්ත්රධාරී බ‍‍රාහ්මණයින් කළ ප‍‍්‍රකාශයක් නිසා එසේ වීම වැළැක්වීමට අභය කුමරු හැකි සියලූ ක‍්‍රියාමාර්ග අනුගමනය කළේය.
එක්ටැම් ගෙයක් තනවා සියලූ රැකවල් යොදා දාසියක සමග චිත්‍රා කුමරිය රදවා තබන ලදී. දුටුවන් උමතු කරවන තරම් රුවක් චිත්‍රා හ‍ට තිබූ නිසා ඇය උන්මාද චිත්‍රා ලෙසද හදුන්වයි.
භද්දකච්චායනා කුමරිය ලක්දිවට පැමිණෙන විට ඇගේ සොයුරන් හයදෙනා වු රාම, උරුවෙල, අනුරාධ, විජිත, දීඝායු සහ රෝහණ ද පැමිණයහ. දීඝායු කුමරුගේ පුත් දීඝගාමිණී කුමරු සමග උන්මාද චිත්‍රා කුමරිය අප්‍රසිද්ධව ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙසින් පණ්ඩුකාභය කුමරු මෙලොවට බිහි වේ.
පසුව පණ්ඩුකාභය කුමරු පිළිබද තොරතුරු දැනගත් මාමාවරු කුමරු මැරීමට කිහිපවරක්ම උත්සාහ දරති. නමුත් බල සම්පන්න දෛවයකට උරුමකම් කියූ පණ්ඩුකාභය කුමරු තිස් හත්වන වියේදී රජකමට පත් වී හැත්තෑ වසරක් රාජ්‍යය කරන්නේය

No comments:

Post a Comment

Bottom Ad [Post Page]

| Designed by Colorlib